චීන අග්‍රාමාත්‍ය ලී කුවීන්ග් විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත චීනය වඩාත් ශුභ ලෙස සලකන ‘මකරාගේ වසර’ සඳහා අලුත් අවුරුදු සුබපැතුම් පිරිනමා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් සිංහොන්ග් ඊයේ (09) කොළඹ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සුබපැතුම් පත්‍රය භාරදුන් බවයි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාව තුළ පවතින දුෂ්කරතා මඟහරවා ගැනීමට ඇති හැකියාව දැකීමට සතුටු වන බව පැවසූ තානාපතිවරයා කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට චීනයේ අඛණ්ඩ සහයෝගය ලබා දීමටද සහතික වූ බව සඳහන්.
ඉහළ අස්වැන්නක් ලබා දෙන සහල් වගාව සංවර්ධනය කිරීම පිළිබඳ චීන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමේ වැඩසටහනක් චීනය විසින් ආරම්භ කරන බවත් එය ඉදිරි යල කන්නයේදී දියත් කරන බවත් චීන තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.




