මෙම වසරේ මුල් මාස 07 සංචාරකයින්ගේ පැමිණීම දහතුන් ලක්ෂය ඉක්මවයි

පසුගිය ජුලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව ජුලි මාසයේ දී සංචාරකයින් 200,244ක් දිවයිනට පැමිණ ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එය පසුගිය 2024 වසරේ ජුලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක්.

පසුගිය ජුලි මාසය තුළ වැඩිම සංචරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 37,128ක්.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 23,475ක් සහ නෙදර්ලන්තයෙන් සංචාරකයින් 15,556 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වසරේ ජනවාරි 01 සිට ජුලි 31 දක්වා සංචාරකයින් 1,368,288 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?