මෙම වසරේ මුල් මාස 07 සංචාරකයින්ගේ පැමිණීම දහතුන් ලක්ෂය ඉක්මවයි

පසුගිය ජුලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ, අනුව ජුලි මාසයේ දී සංචාරකයින් 200,244ක් දිවයිනට පැමිණ ඇති බවයි එම මණ්ඩලය සඳහන් කරන්නේ.

එය පසුගිය 2024 වසරේ ජුලි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාවට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක්.

පසුගිය ජුලි මාසය තුළ වැඩිම සංචරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, එම සංඛ්‍යාව 37,128ක්.

ඊට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 23,475ක් සහ නෙදර්ලන්තයෙන් සංචාරකයින් 15,556 දෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා.

මේ අතර මෙම වසරේ ජනවාරි 01 සිට ජුලි 31 දක්වා සංචාරකයින් 1,368,288 දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරියේ දත්තවල දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27