AFC Banner
Empty Ad
Empty Ad

මුහුද යට ගිනි කන්දක් පිපිරෙයි : දකුණු පැසිෆික් සාගරයට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් මිට සුළු මොහොතකට පෙර විධාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව එලෙස සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ටොංගා සහ සැමෝවා දූපත් වෙතයි.

මුහුද යට පිහිටි Hunga-Tonga-Hunga-Ha’apai ප්‍රචණ්ඩ ලෙස විධාරණය වීමත් සමග අළු සහ ගෑස් වාෂ්ප ඉහළ කිලෝමීටර් 20ක් තරම් ඉහළ අහසට විසිරි ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොන දෙසින්ය.

මෙම විධාරණයත් සමග විශාල අළු වලාකුළක් සහ කම්පන තරංග පැතිර යන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප වල සටහන්ව ඇත.

ගිනි කන්දේ විධාරනයත් සමග ගලා ආ මුහුදු රළ හේතුවෙන් ටොංගා දුපත් හි අගනුවර වන Nuku’alofa හි පිහිටි වෙරළ තීරය හා වෙරළබඩ මාර්ගවලට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?