මුහුද යට ගිනි කන්දක් පිපිරෙයි : දකුණු පැසිෆික් සාගරයට සුනාමි අනතුරු ඇඟවීමක්

දකුණු පැසිෆික් සාගරයේ දිය යට පිහිටි ගිනි කන්දක් මිට සුළු මොහොතකට පෙර විධාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව එලෙස සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත්තේ ටොංගා සහ සැමෝවා දූපත් වෙතයි.

මුහුද යට පිහිටි Hunga-Tonga-Hunga-Ha’apai ප්‍රචණ්ඩ ලෙස විධාරණය වීමත් සමග අළු සහ ගෑස් වාෂ්ප ඉහළ කිලෝමීටර් 20ක් තරම් ඉහළ අහසට විසිරි ගිය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම ගිනි කන්ද පිහිටා ඇත්තේ ටොංගා හි ෆොනුවාෆෝ දූපතේ සිට කිලෝමීටර් 30 ක් (සැතපුම් 18.6) පමණ ගිනිකොන දෙසින්ය.

මෙම විධාරණයත් සමග විශාල අළු වලාකුළක් සහ කම්පන තරංග පැතිර යන ආකාරය දැක්වෙන චන්ද්‍රිකා ඡායාරූප වල සටහන්ව ඇත.

ගිනි කන්දේ විධාරනයත් සමග ගලා ආ මුහුදු රළ හේතුවෙන් ටොංගා දුපත් හි අගනුවර වන Nuku’alofa හි පිහිටි වෙරළ තීරය හා වෙරළබඩ මාර්ගවලට ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14