AFC Banner
Empty Ad
Empty Ad

මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක පානයක් බිවු අයෙක් මිය යයි

යාපනය වඩමාරච්චි නැගෙනහිර මුහුදු තීරයේ මුහුදේ පාවෙමින් ආ මත්පැන් බෝතලයක්යැයි සැකකෙරෙන බෝතලයක තිබූ දියරයක් පානය කිරීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පවසයි.

අදාල බෝතලය වඩමාරච්චි නැගෙනහිර මුහුදුතීරයට පසුගිය09 දා සවස මුහුදු රළට හසු වී පාවි පැමිණ තිබූ අතර අනතුරුව එම බෝතලයමත්පැන් බෝතලයක් බව හඳුනාගෙන 08 දෙනෙකුගෙන් මණ යුත් පිරිසක් එය පානය කොට ඇත.

අනතුරුව එක් අයෙකු පානය කිරීමෙන් පසුව අසනීප වී පේදුරුතුඩුව රෝහලට රැගෙනවිත් ඇති අතර ඔහු (10) දින සවස මිය ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල මත්පැන් බවට සැකකෙරෙන බෝතලය පානය කල සෙසු පිරිසට අසනීප තත්වයක් ඇති නොවීම හේතුවෙන් මිය ගිය පුද්ගලයාට ඇති වූ තවත් අසනීප තත්වයක් හේතුවෙන් මිය යන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.

මිය ගිය පුද්ගලයාගේ සිරු පශ්චාත් මරණ පරික්ෂණයක් වෙතට යොමු කොට ඇති බවටත් එහි පරික්ෂණ පැමිණි පසුව මරණයට හේතුව පැවසිය හැකි බවටද පරික්ෂණ සිදුකරන පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

මෙලෙස අදාල මත්පැන් පානයෙන් පසුව අසනීප වී මිය ගොස් ඇත්තේ වඩමාරච්චි නැගෙනහිර නගර්කෝවිල් ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකු වූ 48 හැවිරිදි කන්දයියා ශ්‍රීකුමාර් නැමති අයෙකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?