මුහුණු පොත හරහා හමුදා සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ හිටපු හමුදා නිලධාරියාට වැඩ වරදී

මුහුණු පොතේ පෝස්ටුවක් සමාජගත කර මහජනයා ප්‍රකෝපකාරී කිරීමට කටයුතු කළ දේශික කුරුප්පු නැමැත්තකු ඊයේ (12) සවස නිට්ටඹුව පොලීසියට විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලුතිතන්වරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී විනය විරෝධී හැසිරීම හේතුවෙන් 2020 ජනවාරි මස 29 දින යුද්ධ හමුදා සේවයෙන් පහ කළ අයෙකු බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තහවරු කළා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ අධිකාරි ලත් නිලධාරීන්ගේ නිවාසවලටත් හානි කරන ලෙස පවසමින් මෙම පුද්ගලයා පෝස්ටුවක් හරහා සමාජගත කර ඇති අතර ඔහු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා, අද (13) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?