AFC Banner
Empty Ad

මුදල් ආරවුල තරුණ ජීවිතයක් බිළිගනී

වීරකැටිය – රන්න මාර්ගයේ තලුන්න හන්දියේ දී තියුණු ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (24) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනයට ලක් වූ පුද්ගලයා 34 හැවිරිදි වියේ පසු වූ අයෙක් බවයි වාර්තා වන්නේ.

බෝට්ටු ස්කීපර්වරයෙකු ලෙස රැකියාව කර ඇති මෙම පුද්ගලයා මුදල් ආරවුලක් මත ඝාතනය කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනය සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව අප වාර්තාකරු සඳහන් කළා.

හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?