මිලර්ගේ අපතේ ගිය එක්දින ශතකය කිවියන්ට ජයගෙනා හැටි

මෙවර චැම්පියන්ස් කුසලානයේ අවසන් මහා තරගයට ඉන්දියාවට එරෙහිව මාර්තු 09 වැනි දින තරග වදින කණ්ඩායම බවට නවසීලන්තය පත් වුණා.

ඒ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 50කින් අවසන් පූර්ව තරගයේ දී පරාජයට පත් කරමින්.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක මිචෙල් සැන්ට්නර් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

එම තීරණයට උපරිම වගකීම් ඉටු කරමින් රචින් රවීන්ද්‍රා සහ කේන් විලියම්සන් එක් ව ලකුණු 164ක ශක්තිමත් සබඳතාවක් ගොඩනගමින් දෙදෙනා ම එක්දින ශතක වාර්තා කරගත්තා.

රවීන්ද්‍රා ලකුණු 108ක් සහ විලියම්සන් ලකුණු 102ක් ලබා ගැනීමට සමත් වුණා.

ග්ලේන් ප්ලිප්ස් නොදැවී ලකුණු 49ක් සහ ඩැරිල් මිචෙල් ලකුණු 49ක් ලබා ගත්තා.

ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 363ක ඉලක්කයක් හිමි වන විට නවසීලන්තයේ කඩුලු 06ක් ද බිඳ වැටී තිබුණා.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවට කිවි පන්දු යවන්නන් ජයග්‍රාහී ලකුණු සීමාව වෙත ගමන් කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ.

පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී දකුණු අප්‍රිකාවට ලබාගත හැකි වූයේ ලකුණු 312ක් පමණයි.

හුදෙකලා සටනක ජයග්‍රහණයට අත පොවන්නට තැත් කළ ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 100ක් රැස් කළ පන්දු 67කට වන අතර ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

නමුත් සෙසු පිතිකරුවන්ගෙන් කණ්ඩායමට ලැබුණු ලකුණු ජයග්‍රහණයක් සඳහා ප්‍රමාණවත් නොවීම මත මිලර්ගේ අගනා ශතකය අපතේ ගිය අයුරුයි දක්නට ලැබුණේ.

Rassie van der Dussen ලකුණු 69ක් සහ ටෙම්බා බවුමා ලකුණු 56ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී මිචෙල් සැන්ට්නර් කඩුලු 03ක්, පිලිප්ස් සහ මැට් හෙන්‍රි කඩුලු 02ක බැගින් මෙන් ම එක් කඩුල්ල බැගින් මිචෙල් බ්‍රේස්වෙල් සහ රචින් රවීන්ද්‍රා විසින් බිඳ හෙලනු ලැබුවා.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන්, පන්දුවෙන් සහ උඩ පන්දු දෙකක් රැක ගැනීමෙන් දක්ෂතා දැක්වූ රචින් රවීන්ද්‍රා හට හිමිවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10