වැලිගම පොලිස් වසමේ මිරිස්ස මුහුදේ දියනාමින් සිටි පුද්ගලයෙක් මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (25) පස්වරුවේ ඔහු මුහුදේ නාමින් සිටි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
මුහුදේ ගිලුනු එම පුද්ගලයා අවට සිටි පිරිස් විසින් ගොඩගෙන මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, වලාන රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ වයස 49ක වෛද්‍යවරයෙක්.
ජීවිතක්ෂයට පත්වූ වෛද්‍යවරයා දැනට මාසයකට පමණ පෙර වලාන රෝහලේ රාජකාරී කටයුතු සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මෘත දේහය මෙවන විට මාතර මහ රෝහලේ තැන්පත් කර ඇති අතර, වැලිගම මූලස්ථාන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




