මිනියාපොලිස් හි වෙඩි තැබීමකින් ඇමරිකාව කැළඹෙයි

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ෆෙඩරල් සංක්‍රමණ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් 37 හැවිරිදි ඇමරිකානු ජාතිකයෙක් මියගොස් තිබෙනවා.

මේ සමඟ නගරය පුරා දැඩි විරෝධතා මතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයා ඇලෙක්ස් ප්‍රෙට්ටි නැමැති හෙද නිලධාරියෙකු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ෆෙඩරල් නිලධාරීන් පවසන්නේ නීති විරෝධී සංක්‍රමණිකයෙකු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අතරතුර ඔහු ගිනිඅවියක් සහිතව නිලධාරීන්ට බාධා කළ බවයි.

කෙසේ වෙතත් ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝ දර්ශන මගින් කියවෙන්නේ ඔහු නිරායුධව සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවයි.

මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මිනියාපොලිස් හි නගරාධිපති සහ ආණ්ඩුකාර වෝල්ස් වෙත “කැරැල්ලකට” පෙළඹවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරනවා.

ට්‍රම්ප් සහ ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම පාලනයෙන් තොර බවයි මිනියාපොලිස් හි සිදු වූ වෙඩි තැබීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී මණ්ඩල ප්‍රජාතන්ත්‍රවාදී නායක හකීම් ජෙෆ්රිස් පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?