මිණිබිරිය තුන්මාසෙකින් ගෙදර ආවේ නෑ – නීතිඥ වෙස්ගත් සැකකාරිණිය ගැන මිත්තණියගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි නායකයා ඝාතනයට ගිනි අවියක් ලබාදෙමින්, එම ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි නමැති සිය මිණිබිරිය තෙමසකින් නිවසට නොපැමිණි බව ඇයගේ මිත්තණිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු අදාළ සැකකාරිණිය පදිංචි යැයි පැවසෙන මිනුවන්ගොඩ – කටුවැල්ල, ජයමාවතේ පිහිටි නිවසට ගිය අවස්ථාවේ දී එහි ජීවත් වන සැකකාරිණියගේ මිත්තණිය අද (20) පස්වරුවේ මේ බව සඳහන් කළා.

මිණිපිරිය මීට පෙර ද අවස්ථාවක රක්ෂිත බන්ධනාගාරගත ව සිටි බවත්; ඒ මත්ද්‍රව්‍යය චෝදනාවකට බවයි මිත්තණිය පැවසුවේ.

සැකකාරිණිය සිය දියණියගේ වැඩිමහල් දුව බවත්; ඇයට තවත් සහෝදරයෙක් සිටින බව ද මිත්තණිය මාධ්‍ය වෙත පවසා සිටියා.

ඊයේ (19) දිනයේදී ම මිනුවන්ගොඩ පොලිසියෙන් පැමිණ තම මිණිබිරියගේ (සැකකාරිණියගේ) මව සහ සහෝදරයාව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිසියට රැගෙන ගිය බවත්, තමන් මෙම සිදුවීම ගැන ප්‍රවෘත්ති මාර්ගයෙන් පළමුවරට දැනගත් බව ද, ඔවුන් සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව ද මිත්තණිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී සිදු වූ වෙඩි ප්‍රහාරයට ගෙනා ගිනිඅවිය සූක්ෂ්ම අයුරින් අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතිය තුළ බහා ගෙනැවිත් වෙඩික්කරු අතට ලබා දී ඇත්තේ මෙම සැකකාරිණිය විසින් බවටයි ලැබුණු තොරතුරු මගින් තහවුරු වී ඇත්තේ.

වෙඩික්කරු සමග 26 හැවිරිදි සැකකාරිණිය ද නීතිඥවරුන් සැරසෙන ආකාරයෙන් වෙස්වලා ගනිමින් අධිකරණ භූමියට ඇතුල් වී ඇති බවත් හෙළි වුණා.

වෙඩි තැබීමෙන් පසු ඔවුන් දෙදෙනා ම පලා යන ආකාරයයි CCTV දර්ශනවල ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට සම්බන්ධ වෙඩික්කරු සහ ඔහුට පැන යාමට වෑන් රථයෙන් ප්‍රවාහන පහසුකම් දුන් රියදුරු ද මේ වනවිට පසුවන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේයි.

මෙම සැකකාරිණිය සොයා ගැනීමට පොලිසිය අද පෙරවරුවේ සිට මහජන සහාය ද අපේක්ෂා කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?