මිණිබිරිය තුන්මාසෙකින් ගෙදර ආවේ නෑ – නීතිඥ වෙස්ගත් සැකකාරිණිය ගැන මිත්තණියගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ගනේමුල්ල සංජීව නමැති අපරාධ කල්ලි නායකයා ඝාතනයට ගිනි අවියක් ලබාදෙමින්, එම ඝාතනය සිදු කිරීමට ආධාර අනුබල දුන් ඉෂාරා සෙව්වන්දි නමැති සිය මිණිබිරිය තෙමසකින් නිවසට නොපැමිණි බව ඇයගේ මිත්තණිය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු අදාළ සැකකාරිණිය පදිංචි යැයි පැවසෙන මිනුවන්ගොඩ – කටුවැල්ල, ජයමාවතේ පිහිටි නිවසට ගිය අවස්ථාවේ දී එහි ජීවත් වන සැකකාරිණියගේ මිත්තණිය අද (20) පස්වරුවේ මේ බව සඳහන් කළා.

මිණිපිරිය මීට පෙර ද අවස්ථාවක රක්ෂිත බන්ධනාගාරගත ව සිටි බවත්; ඒ මත්ද්‍රව්‍යය චෝදනාවකට බවයි මිත්තණිය පැවසුවේ.

සැකකාරිණිය සිය දියණියගේ වැඩිමහල් දුව බවත්; ඇයට තවත් සහෝදරයෙක් සිටින බව ද මිත්තණිය මාධ්‍ය වෙත පවසා සිටියා.

ඊයේ (19) දිනයේදී ම මිනුවන්ගොඩ පොලිසියෙන් පැමිණ තම මිණිබිරියගේ (සැකකාරිණියගේ) මව සහ සහෝදරයාව ප්‍රකාශ ලබා ගැනීම සඳහා පොලිසියට රැගෙන ගිය බවත්, තමන් මෙම සිදුවීම ගැන ප්‍රවෘත්ති මාර්ගයෙන් පළමුවරට දැනගත් බව ද, ඔවුන් සමග කිසිදු සම්බන්ධයක් නොමැති බව ද මිත්තණිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

අලුත්කඩේ අංක 05 දරණ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී සිදු වූ වෙඩි ප්‍රහාරයට ගෙනා ගිනිඅවිය සූක්ෂ්ම අයුරින් අපරාධ නඩු විධාන සංග්‍රහය කෘතිය තුළ බහා ගෙනැවිත් වෙඩික්කරු අතට ලබා දී ඇත්තේ මෙම සැකකාරිණිය විසින් බවටයි ලැබුණු තොරතුරු මගින් තහවුරු වී ඇත්තේ.

වෙඩික්කරු සමග 26 හැවිරිදි සැකකාරිණිය ද නීතිඥවරුන් සැරසෙන ආකාරයෙන් වෙස්වලා ගනිමින් අධිකරණ භූමියට ඇතුල් වී ඇති බවත් හෙළි වුණා.

වෙඩි තැබීමෙන් පසු ඔවුන් දෙදෙනා ම පලා යන ආකාරයයි CCTV දර්ශනවල ඇත්තේ.

කෙසේවෙතත් මෙම සිදුවීමට සම්බන්ධ වෙඩික්කරු සහ ඔහුට පැන යාමට වෑන් රථයෙන් ප්‍රවාහන පහසුකම් දුන් රියදුරු ද මේ වනවිට පසුවන්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේයි.

මෙම සැකකාරිණිය සොයා ගැනීමට පොලිසිය අද පෙරවරුවේ සිට මහජන සහාය ද අපේක්ෂා කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48