මැදපෙරදිග රටවල් ආශ්‍රිතව ඇතිවී තිබෙන යුදමය සහ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, විදේශීය තැපෑල බරපතල ලෙස ප්‍රමාද වනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා තැපැල්පති, රුවන් සත්කුමාර පවසනවා.
අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මැදපෙරදිග කලාපය මෙන්ම යුරෝපීය සහ ඇමරිකාව වෙතද සිදු කෙරෙන දිගු ගුවන් ගමන් බිඳ වැටී ඇති බැවින් මෙම තත්ත්වය ඇතිවන බවයි තැපැල්පති සඳහන් කළේ.
මෙම තත්ත්වය මත විදේශීය තැපැල් අයිතම භාර දෙන විට, සිදුවිය හැකි ප්‍රමාදයන් පිළිබදව සැලකිලිමත් වන ලෙස තැපැල්පති රුවන් සත්කුමාර වැඩිදුරටත් පවසා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













