මැදපෙරදිගින් ඇහෙන තවත් කඳුලු කතාවක් – ”මට නිරුවතින් නාන්න කියනවා”

මෙරට පවතින ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනෙක් මැද පෙරදිග ගෘහ සේවය සඳහා යොමුවීම පසුගිය කාලය තුළ සුලබව දක්නට ලැබුණා.

නමුත් එහි ගිය ඇතමෙකුට දරන්නට සිදු ව ඇති පීඩා අපමණයි.

මේ මැද පෙරදිගින් ඇසෙන එවැනි තවත් කදුලු කතාවක්.

අනුරාධපුර හොරොව්පතාන – මොරකෑව පදිංචි ශාලිකා ලක්මාලි මීට වසර එක හමාරකට පමණ පෙර සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා පිටත්ව යන්නේ තම නිවසේ පැවති අනේක විධ දුක් කම්කටොලු තවදුරටත් ඉවසා ගැනීමට නොහැකිවයි.

විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි විදේශ රැකියා නියෝජිත ආයතනයක් හරහා 2022 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා ඇය සෞදි අරාබිය බලා පිටත්ව යනවා.

රියාද් නගරයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් හරහා ඇය ගෘහ සේවය සඳහා රියාද් නගරයේ පිහිටි නිවසකට යොමු කර ඇති අතර එහිදී ඇයට විඳින්නට සිදුව ඇත්තේ කිසිසේත්ම අපේක්ෂා නොකළ තරම් වද බන්ධනයි.

නිවැසියන් ඉදිරියේ නිරුවත්වීමට මෙන්ම නිවැසියන් බලා සිටියදී දියනෑමට පවා සිදු ව ඇතැයි ශාලිකා ලක්මාලි පවසනවා.

ඇයගේ පවුලේ ඥාතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අනුරාධපුර කාර්යාලයට මෙන්ම ඇය රැකියාව සඳහා පිටත්ව ගිය කුරුණෑගල පිහිටි විදේශ රැකියා නියෝජිතායතනයට මේ සම්බන්ධයෙන් පැමිණිලි
කර ඇතත් කිසිදු සහනයක් නොලැබුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
23
+1
184
+1
28
+1
23
+1
478
+1
40
+1
34
Subscribe
Notify of
8 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21
Video thumbnail
වාහනයෙන් ගිය හරිනිට විමල් ඇතුළු සෙට් එක හූ..කියයි
00:33
Video thumbnail
සත්‍යග්‍රහයට ආ අපිලාගේ සාදුගෙන් අධ්‍යාපන ලේකම්ට සැර සත්තමක්.."මේකා හරිනිට කඩේ යනවා"
06:36
Video thumbnail
විමල්ගේ සහයට තවත් ප්‍රබලයෙක් එකතුවෙයි
04:04


?