AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණයක් ඉල්ලා ගන්න අරගලයක් කරන්න – අපි සහාය දෙන්නම්

පළාත් පාලන මැතිවරණයක් හෝ වෙනයම් මැතිවරණයක් පැවැත්වීම තුලින් මෙරට පවතින අර්බුදයන්ට විසඳුමක් නොලැබෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසනවා.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් පිරිසකට ඉල්ලා අස්වන ලෙසට බලපෑම් සිදු කෙරෙමින් ඇතැයි තොරතුරු වාර්තා වන බවයි.

එලෙස සාමාජිකයන් ඉල්ලා අස්වුවහොත් කොමිෂන් සභා පත් කරනු ලබන ව්‍යවස්ථාදායක සභාව සක්‍රිය නොවීම හමුවේ නව සාමාජිකයන් පත් කිරීමට නොහැකිව මැතිවරණය කල් දැමීමට සිදුවන බව පුබුදු ජයගොඩ පෙන්වා දෙනවා.

ජනතාවගේ ඡන්ද අයිතිය උදුරා ගැනීම සඳහා විවිධ ක්‍රමවේද අනුගමනය කරමින් සිටින බව ද ඔහු සඳහන් කළා.

ඒ වෙනුවෙන් එරෙහි වීමට අරගලය පෙරට ගන්නා ලෙසටි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම්වරයා කියාසිටියේ. ඒ වෙනුවෙන් ජනතාවට උපරිම සහයෝගය ලබාදෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?