මැණික් සොරකමට ‘ගලේ කපිල’ සමඟ අයෙක් පොලිස් දැලේ

මැණික් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (13) දවුලගහ ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ඇතුළු වී පසුගිය වසරේ 09 වන මස 27 වනදා සහ 10 වන මස 09 වනදා මෙම සොරකම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම් සිදු වූ නිවෙස්වල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා දත්ත උපයෝගිකර ගනිමින් හඳුනාගත් සැකකරුවන් ඊයේ (13) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගලේ කපිල’ ලෙස හඳුන්වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 28 හැවිරිදි මුරුතලගහමුල සහ ලීමගහකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබූ බෑගයක සූක්ෂම ලෙස සඟවා තිබු මැණික් ගල් 264ක්, රන් මුදු 02ක් සහ මුදලින් රුපියල් 15,000ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සොරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?