මැණික් සොරකමට ‘ගලේ කපිල’ සමඟ අයෙක් පොලිස් දැලේ

මැණික් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (13) දවුලගහ ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගේ නිවෙස්වලට ඇතුළු වී පසුගිය වසරේ 09 වන මස 27 වනදා සහ 10 වන මස 09 වනදා මෙම සොරකම් සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකම් සිදු වූ නිවෙස්වල සවිකර තිබූ ආරක්‍ෂිත කැමරා දත්ත උපයෝගිකර ගනිමින් හඳුනාගත් සැකකරුවන් ඊයේ (13) පස්වරුවේ සිදුකළ වැටලීමක දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘ගලේ කපිල’ ලෙස හඳුන්වන 43 හැවිරිදි පුද්ගලයකු සහ 28 හැවිරිදි මුරුතලගහමුල සහ ලීමගහකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් බවයි පොලිසිය පැවසුවේ.

සැකකරුවන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබූ බෑගයක සූක්ෂම ලෙස සඟවා තිබු මැණික් ගල් 264ක්, රන් මුදු 02ක් සහ මුදලින් රුපියල් 15,000ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (14) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සොරකම්වලට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇති අතර, ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40