පළාත් හතරක සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු

හෙටට (08) හෙදි තිබෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් පළාත් හතරක සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා ලබන සඳුදා (09) දිනයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ, අනුව මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල්වලට මෙලෙස නිවාඩු ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

සඳුදා දිනයේ ලබාදෙන මෙම විශේෂ නිවාඩුව ආවරණය කිරීම සඳහා නොවැම්බර් 14 වන සෙනසුරාදා දිනය එම පාසල්වල අධ්‍යන කටයුතු සිදුකරන බවයි දැනුම් දෙන්නේ.