හෙරොයින්, අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මාදිවෙල දී අයෙක් අල්ලයි

මාදිවෙල ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 649ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 109ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558ක් සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.