ගුවන්තොටපලේදී රුපියල් විසිතුන්කොටියක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් මාට්ටු

රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා ” කුෂ්” සහ  “හෂීෂ්” මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි විදේශීය ගුවන් මගියෙකු අද (07) අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 37 හැවිරිදි වියේ පසුවන ඉන්දියාවේ , තමිල්නාඩු ප්‍රාන්තයේ පදිංචි ව්‍යාපාරිකයෙක් බවට වාර්තාවෙනවා.

අද (07) දින අලුයම 12.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට , බතික් එයාර් ගුවන් සේවයේ ඕ.ඩී.- 297 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ” සියඹලා ටොෆී ” අඩංගු බව සදහන් ටින් 04 ක් තුළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 102 ක් සහ තවත් ටොෆී අඩංගු පාර්සල් 06 ක් තුළ ටොෆී ලෙස සකස් කළ ” හෂීෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ග්‍රෑම් 260 ක් සගවා ගෙන තිබුණු බවට වාර්තාවෙනවා.

මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය , අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , වැඩිදුර විමර්ශන කටයුතු සදහා  රැදවුම් නියෝග ලබාගැනීමට පොලීසිය අපේක්ෂා කරනවා.