මැණික් තොගයක් රැගෙන පැමිණි චීන කාන්තාවක් අත්අඩංගුවට

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ තිස් හත් දහස් අටසිය අටක් වටිනා මැණික් ගල් 221 ක් නීතිවිරෝධී ලෙස චීනය වෙත රැගෙන යාමට තැත් කළ චීන ජාතික කාන්තාවක් ඊයේ (08) දින කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ නිලධාරීන් පැවසීය.

32 හැවිරිදි මෙම චීන ජාතික කාන්තාව ඊයේ දින උදෑසන 09.45 ට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 044 දරන ගුවන් යානයෙන් මැලේසියාව හරහා චීනය වෙත යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඇය විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ මෙම මැණික් කැට තොගය සගවා ගෙන සිටියදී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ .

පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත මෙම චීන ජාතික කාන්තාව භාර දී තිබේ .

එහිදී ඇයට සිංහල හෝ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට නොහැකි වීම නිසා චීන භාෂා පරිවර්තකයෙකු සහ මෙම චීන කාන්තාවට මැණික් අලෙවි කළ දේශීය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ද ඊයේ දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය වෙත කැදවා තිබුණි .කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?