AFC Banner
Empty Ad
Empty Ad

මැක්ස්වෙල්ගෙන් ඉන්දියාවට අමතක නොවන ප්‍රහාරයක්

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම ශතකය වාර්තාව සමකරන්නට ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ (28) සමත් වුණා.

ඉන්දියාව සමඟ ගුවාහති හිදී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ දී මැක්ස්වෙල් මෙම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, එහිදී ඔහු මෙම ශතකය වාර්තා කළේ පන්දු 47ක් පමණක් වැයකරමින්.

මැක්ස්වෙල්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

මීට පෙර එරොන් ෆින්ච් 2013 වර්ෂයේ දී පන්දු 47ක් තුළ විස්සයි විස්ස ශතකයක් ලබාගෙන තිබූ අතර, ඉන්දියාව සමඟ මේ වනවිට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ජොෂ් ඉංගිලිෂ් පන්දු 47කදී ශතකයක් වාර්තා කළා.

මැක්ස්වෙල්ගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ජයගෙන යළි තරගාවලියට අවතීරණ වීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ට ලකුණු 222ක් රැස් කළ අතර, එහිදී රුට්රාජ් ගයික්වාඩ් සිය මංගල පන්දුවාර 20 ශතකය වාර්තා කළා.

අනතුරුව ලකුණු 223ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව එම ඉලක්කය සිය ඉනිමේ අවසන් පන්දුවේ දී පසුකර යාමට සමත් වුණා.

එහිදී ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාර 02 තුළ ඕස්ට්‍රේලියාවට ලකුණු 43ක් අවශ්‍යව තිබුණා.

එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි ග්ලෙන් මැක්ස්වෙල් සහ මැතිව් වේඩ්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක සුපිරි ජයක් හිමි වුණා.

මෙහිදී ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 48ක් තුළ නොදැවී ලකුණු 104ක් සහ මැතිව් වේඩ් නොදැවී ලකුණු 28ක් රැස් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
19
+1
2
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?