මැක්ස්වෙල්ගෙන් ඉන්දියාවට අමතක නොවන ප්‍රහාරයක්

ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම ශතකය වාර්තාව සමකරන්නට ග්ලෙන් මැක්ස්වෙල් ඊයේ (28) සමත් වුණා.

ඉන්දියාව සමඟ ගුවාහති හිදී පැවති තුන්වන විස්සයි විස්ස තරගයේ දී මැක්ස්වෙල් මෙම දක්ෂතාව දැක්වීමට සමත් වූ අතර, එහිදී ඔහු මෙම ශතකය වාර්තා කළේ පන්දු 47ක් පමණක් වැයකරමින්.

මැක්ස්වෙල්ගේ ඉනිමට දැවැන්ත හයේ පහර 08ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

මීට පෙර එරොන් ෆින්ච් 2013 වර්ෂයේ දී පන්දු 47ක් තුළ විස්සයි විස්ස ශතකයක් ලබාගෙන තිබූ අතර, ඉන්දියාව සමඟ මේ වනවිට පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයේ දී ජොෂ් ඉංගිලිෂ් පන්දු 47කදී ශතකයක් වාර්තා කළා.

මැක්ස්වෙල්ගේ මෙම සුපිරි ඉනිම හේතුවෙන් තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තෙවැනි තරගය ජයගෙන යළි තරගාවලියට අවතීරණ වීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 03ට ලකුණු 222ක් රැස් කළ අතර, එහිදී රුට්රාජ් ගයික්වාඩ් සිය මංගල පන්දුවාර 20 ශතකය වාර්තා කළා.

අනතුරුව ලකුණු 223ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියාව එම ඉලක්කය සිය ඉනිමේ අවසන් පන්දුවේ දී පසුකර යාමට සමත් වුණා.

එහිදී ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාර 02 තුළ ඕස්ට්‍රේලියාවට ලකුණු 43ක් අවශ්‍යව තිබුණා.

එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි ග්ලෙන් මැක්ස්වෙල් සහ මැතිව් වේඩ්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඕස්ට්‍රේලියාවට කඩුලු 05ක සුපිරි ජයක් හිමි වුණා.

මෙහිදී ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 48ක් තුළ නොදැවී ලකුණු 104ක් සහ මැතිව් වේඩ් නොදැවී ලකුණු 28ක් රැස් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56