මාස දෙකකට පෙර සිදුකළ ඝාතනයේ ඝතකයා STF දැලේ

පසුගිය පෙබරවාරි මස 19 වනදා කොටහේන පොලිස් වසමේ කපා කොටා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව කර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී තියුණු ආයුධ තුනක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරු අදාළ ඝාතනය සඳහා භාවිත කළ බවට සැකකරන කඩුවක් ද බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකිර්ණයක් ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?