මාස දෙකකට පෙර සිදුකළ ඝාතනයේ ඝතකයා STF දැලේ

පසුගිය පෙබරවාරි මස 19 වනදා කොටහේන පොලිස් වසමේ කපා කොටා සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව කර සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකා විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (21) දින ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු සන්තකයේ තිබී තියුණු ආයුධ තුනක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මෙම සැකකරු අදාළ ඝාතනය සඳහා භාවිත කළ බවට සැකකරන කඩුවක් ද බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ මහල් නිවාස සංකිර්ණයක් ආසන්නයේ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13