මාලිමාව ගැන ප්‍රශ්න අහපු අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය ගැන කඩිනම් විමර්ශනයක් (නිවේදනය)

කළුතර – මතුගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර පරීක්ෂණය සඳහා ලබා දුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රයේ මුල් ප්‍රශ්න 05 ම වත්මන් රජය පිළිබඳව අසමින් යොමු කළ ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් මතු කළා.

එහිදී විපක්ෂ දේශපාලනඥයින් පැවසුවේ; මාලිමා රජය විසින් රටේ අධ්‍යාපනය ද දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවට දැනුම්දෙමින්.

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත් ව තිබීම පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තමන් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාළ ප්‍රශ්න පත්‍රය කලාපයෙන් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ සැකසුණු එකක් නොව පාසලෙන්ම සැකසූ එකක් බවටත් ඊට කිසිදු ආකාරයේ රාජ්‍යය මැදිහත් වීමක් අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන කලාපයෙන් හෝ සිදුව නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පවසනවා.

WhatsApp Image 2024 11 12 at 14.38.01
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
9
+1
80
+1
7
+1
5
+1
4
+1
11
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?