මාලිමාව ගැන ප්‍රශ්න අහපු අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය ගැන කඩිනම් විමර්ශනයක් (නිවේදනය)

කළුතර – මතුගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුන් හට දෙවැනි වාර පරීක්ෂණය සඳහා ලබා දුන් අනුමාන සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රයේ මුල් ප්‍රශ්න 05 ම වත්මන් රජය පිළිබඳව අසමින් යොමු කළ ප්‍රශ්න සම්බන්ධයෙන් පසුගියදා සමාජය තුළ දැඩි කතාබහක් මතු කළා.

එහිදී විපක්ෂ දේශපාලනඥයින් පැවසුවේ; මාලිමා රජය විසින් රටේ අධ්‍යාපනය ද දේශපාලනීකරණය කිරීමට උත්සාහ දරමින් සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් පරීක්ෂණයක් ආරම්භ කරන බවට දැනුම්දෙමින්.

පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍රයක දේශපාලනික ස්වරූපයෙන් යුත් ප්‍රශ්න ඇතුළත් ව තිබීම පිළිබඳ ව විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට තමන් උපදෙස් දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සිය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම අදාළ ප්‍රශ්න පත්‍රය කලාපයෙන් හෝ අමාත්‍යාංශ මට්ටමින් හෝ සැකසුණු එකක් නොව පාසලෙන්ම සැකසූ එකක් බවටත් ඊට කිසිදු ආකාරයේ රාජ්‍යය මැදිහත් වීමක් අමාත්‍යාංශයෙන් හෝ අධ්‍යාපන කලාපයෙන් හෝ සිදුව නොමැති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනය මගින් පවසනවා.

WhatsApp Image 2024 11 12 at 14.38.01
  1. හැම මගුලටම උද්ඝෝෂණ කරන ගුරුහොරු ඉන්නේ මාළුමාවේ ඔය කාලකන්නි දරුවන්ගේ අනාගතේ කනවා.උපරිම දඬුවම් දු⁣න්නේ නැත්තම් වැඩක් නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14