මාර්ග තදබදය අවම කිරීමට පියවර…

කොළඹට උදෑසන පිවිසෙන වාහන තදබදය හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙත කඩිනමින් සහන සැලසීම උදෙසා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙසින්ල මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද දින (09) කොළඹ නගරෙයේ ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී දැනට පවතින වාහන තදබදය අවම කිරීම සදහා ගෙන ඇති පියවරයන්, ගතයුතු ක්‍රියාමාර්ග, පිළිබදව අමාත්‍යවරයා විසින් විශේෂ අවධානය යොමු කරන ලදී.
එසේම සංඥා පුවරු, තාක්ෂණික උපකරණ භාවිතය සහ පොලිස් නිළධාරීන්ගේ කාර්යක්ෂමතාව නැංවීම සදහා අවශ්‍ය පියවරයන් සම්බන්ධවල අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස් ප්‍රධානීන්ට උපදෙස් ලබාදෙන ලදී. දැනටමත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන කැමරා මගින් ස්ථාන 09කින් රථවාහන තදබදය පිළිබද නිරීක්ෂණය මගින් ලබාදෙන සහාය පිළිබදව අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.
එසේම රථවාහන රියදුරන්ගේ අවනීතබව නිසා මාර්ග තදබදය වැඩිවීමට හේතුවන කාරණා සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන ලෙසට අමාත්‍ය වරයා විසින් මෙහිදී පොලිස් ප්‍රධානීන් වෙත උපදෙස් ලබාදුනි. මෙම අවස්ථාව සදහා බස්නාහිර පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

  1. සරත් වීරසෙකරට තියෙන්නෙ අර එයා ජංගි සපයපු පියුමී හංසමාලි ගෙ සහ අර සමනල යාගෙ ජංගි නැති පින්තූර මාර්ග පුවරු වල දමන්න ; එවා බලන්න අපෙ නතර කරන නිසා ඉබෙම මාර්ග අවහිර අඩු වෙනව



අපගේ නවතම වීඩියෝ පුවත්