මාර්ගයට එන වන අලින්ට කෑම දෙන අයට අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශවලට මායිම්ව ඇති ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී.සූරියබණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ වෘක්ෂලතා හා වනසත්ව ආරක්ෂණ ආඥාපනතේ විධිවිධානවලට අනුව මහ මගදී වන අලින්ට ආහාර ලබාදීම වරදක් ලෙස සලකන බවයි.

ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබා දීමට ජනතාව කටයුතු කිරීම හේතුවෙන් එම සතුන් ආහාර සොයා යළි මාර්ගවලට පැමිණීම පුරුද්දක් කර ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ හේතුවෙන් වන අලි ආහාර සොයා ප්‍රධාන මාර්ගවල වාහනවලට බාධා කිරීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශවලට මායිම්ව ඇති ප්‍රධාන මාර්ගවලට පැමිණෙන වන අලින්ට ආහාර ලබාදීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, අනවසර විදුලි වැටවල් හේතුවෙන් 2023 වසරේ මුල් මාස හත තුළ වන අලි ඇතුන් 36 දෙනෙකු මිය ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා.

වන අලි ගම් වැදීම වැළක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව විද්‍යාත්මක හා තාක්ෂණික පිරිවිතරයන්ට අනුකූලව විදුලි වැටවල් යොදා තිබෙනවා.

කෙසේ වෙතත්, ඇතැම් පුද්ගලයින් තම ගොවිබිම් සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා එවැනි පිරිවිතරයන්ට අනුකූල නොවී විදුලි වැටවල් දැමීම හේතුවෙන් වන අලි කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

ඔහු සඳහන් කළේ වනජීවී දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අවසරය ලැබෙන්නේ නම් පමණක් විදුලි වැටවල් දැමිය හැකි බවයි.

එවැනි අවසරයකින් තොරව වැටවල් තනන්නන්ට සහ වන සතුන්ගේ නිදහසේ ගමනා ගමනයට සීමා කිරීමට කටයුතු කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද ඔහු අනතුරු අඟවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?