මාරක රිය අනතුරක් – පොලිස් නිලධාරියෙක් මරුට

රස්නායකපුර පොලිස් වසමේ කඩිගාව – රස්නායකපුර මාර්ගයේ කඩිගාව හන්දිය අසල දී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරින් සිව්දෙනෙකු ක්ෂණික මාර්ග බාධක රාජකාරි යෙදී සිට තිබෙනවා.

එම අවස්ථාවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ හා තවත් පුද්ගලයෙකු ගැටී අනතුරුව වෑන් රථය අසල තිබූ විදුලි රැහැන් කණුවක ද ගැටී අනතුරක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරින් පොලිස් නිලධාරින් දෙදෙනා හා අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමේ දී එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37 ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචි රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු වෑන් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?