මාරක රිය අනතුරක් – පොලිස් නිලධාරියෙක් මරුට

රස්නායකපුර පොලිස් වසමේ කඩිගාව – රස්නායකපුර මාර්ගයේ කඩිගාව හන්දිය අසල දී රස්නායකපුර පොලිස් ස්ථානයේ නිලධාරින් සිව්දෙනෙකු ක්ෂණික මාර්ග බාධක රාජකාරි යෙදී සිට තිබෙනවා.

එම අවස්ථාවේ බිංගිරිය දෙස සිට රස්නායකපුර දෙසට අධික වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අයිනේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ හා තවත් පුද්ගලයෙකු ගැටී අනතුරුව වෑන් රථය අසල තිබූ විදුලි රැහැන් කණුවක ද ගැටී අනතුරක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරින් පොලිස් නිලධාරින් දෙදෙනා හා අනෙක් පුද්ගලයා බරපතළ තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමේ දී එක් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 37 ක් වූ මොන්නෑකුලම ප්‍රදේශයේ පදිංචි රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක්.

මෘත ශරීරය නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවට අනාවරණය වී ඇති අතර සැකකරු වෑන් රථය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03