මානසික රෝහලේ රෝගියාගේ මරණයට ඇල්ලූ සැකකරුවන් රිමාන්ඩ්

මුල්ලේරියාව මානසික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4 දෙනෙකු ලබන අගෝස්තු මස 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතායි නියෝගය ලබාදුන්නේ.

සෞඛ්‍ය සේවා සහායකයන් ද ඇතුලු සැකකරුවන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මෙහිදී පොලීසිය සඳහන් කළේ සිද්ධියට අදාළ පරීක්ෂණ තවදුරටත් සිදු කරන හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ ලෙසයි.

ඒ අනුව සැකකරුවන් ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

සැකකරුවන් රෝහල් සෞඛ්‍ය කාර්ය සහායකයින් වන අතර අදාළ මරණය සිදුවී ඇත්තේ පහරදීමක් නිසා බවටයි ඔවුන්ට චෝදනා එල්ලවී ඇත්තේ.

අවුරුදු 48ක් වයසැති එක් දරු පියෙකු වන මියගිය පුද්ගලයා, පාදුක්ක – වටරැක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

බිරිඳ මිය යාමෙන් පසු 11 හැවිරිදි දරුවා සමග තනි වීමෙන් අනතුරුව මානසික ව්‍යාකූල තත්ත්වයට පත්ව සිටි මෙම පුද්ගලයා පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු ලෙසට සේවය කරමින් සිටි අයෙක්.

රෝගියාගේ සිරුරේ තිබූ පැල්ලම් හේතුවෙන් මෙම මරණය සැකසහිත බව ඥාතීන් විසින් චෝදනා කළ අතර මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කිරීමට ද ඔවුන් විසින් පියවර ගෙන තිබුණා.

මියගිය පුද්ගලයාට පහර දීමට යොදා ගත් බවට සැක කරන  දෙකට වෙන් වූ කොසු මිටක්  ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මීට සතියකට පමණ ඉහත දී පවුලේ ඥාතීන් විසින් මියගිය පුද්ගලයාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබූ බව සඳහන්.

මෙම රෝගියා 25 වනදා නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව පාලනය කිරීමට යාමේදී බිම ඇද  වැටුණු බවටයි   රෝහල් සේවකයන් විසින් ප්‍රකාශ කර තිබී ඇත්තේ.

අදාළ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10