AFC Banner
AFC Banner
Empty Ad

මාදම්පේ නීතිවිරෝධී සිලිකා වැලි කැණීමට එරෙහිව උසාවියෙන් නියෝගයක්

මාදම්පේ ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී සිලිකා වැලි කැණීම් කටයුතු හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද (16) එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

එදින තෙක් අදාළ ප්‍රදේශයේ දැනට පවතින තත්වයේ වෙනස් කිරීම් සිදු නොකරන ලෙසත් අධිකරණය විසින් එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් නවයක අක්කර 200 ක පමණ සිලිකා වැලි කැණීම් කටයුතු සිදුවන බවයි.

මේ හේතුවෙන් විශාල වලවල් හතළිහක් පමණ එම ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවත් ඒවා පිරවීම සඳහා අපද්‍රව්‍ය යොදා ගැනීම සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

මේ තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?