මාදම්පේ නීතිවිරෝධී සිලිකා වැලි කැණීමට එරෙහිව උසාවියෙන් නියෝගයක්

මාදම්පේ ප්‍රදේශයේ සිදු කෙරෙන නීති විරෝධී සිලිකා වැලි කැණීම් කටයුතු හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කරන ලද පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම අද (16) එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 11 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළා.

එදින තෙක් අදාළ ප්‍රදේශයේ දැනට පවතින තත්වයේ වෙනස් කිරීම් සිදු නොකරන ලෙසත් අධිකරණය විසින් එහි වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ඇතුළු පාර්ශ්ව කිහිපයකට නියෝග කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් නවයක අක්කර 200 ක පමණ සිලිකා වැලි කැණීම් කටයුතු සිදුවන බවයි.

මේ හේතුවෙන් විශාල වලවල් හතළිහක් පමණ එම ප්‍රදේශයේ නිර්මාණය වී ඇති බවත් ඒවා පිරවීම සඳහා අපද්‍රව්‍ය යොදා ගැනීම සිදුවන බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

මේ තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් එම ක්‍රියාව වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14