AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපතිගෙන් විශේෂ පණිවුඩයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ, මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස පත් කරන ලද ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා සහ ආචාර්ය රානී ජයමහ මහත්මිය මුදල් මණ්ඩලයේ අඛණ්ඩව සේවය කිරීමට එකඟ වීම පිළිබඳ තමා ඉමහත් සතුටට පත්වෙන බවය.

ඔවුන් පෙරදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සෑම විටම ඉතා ස්වාධීනව, අපක්ෂපාතීව, වෘත්තීමයභාවය ආරක්ෂා කරගනිමින්, කාර්යක්ෂමව ක්‍රියා කර ඇති අතර, මහ බැංකුවේ සියලුම කටයුතු සඳහා ඉතා ධනාත්මකව දායක වී ඇති බව ද නන්දලාල් වීරසිංහ මහතා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.

ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ පූර්ණ විශ්වාසයක් තමා සතුව පවතින බැවින්, ඔවුන්ගේ අඛණ්ඩ දායකත්වය සහ අගනා මඟපෙන්වීම ජාතියටත්, මුදල් මණ්ඩලයටත්, අධිපතිවරයා ලෙස තමාටත් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන බව ද නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?