මහින්ද රාජපක්ෂගේ නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 400ක් හෝ රුපියල් හතරක් වත් වියදම් කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටියා.
මෙහිදී රෝහණ බණ්ඩාරගේ චෝදනාව වූයේ ගොවි ණය ලබාදීම සඳහා කල් ගත වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස අලුත්වැඩියාව සඳහා මුදල් ලබාදීමට ඉතා ඉක්මනින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බවයි.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මෙසේ පැවසීය
“මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් මිලියන 400ක් වත් රුපියල් 4ක්වත් වියදම් කරලා නැහැ. ඒත් අපිට යුතුකමක් තියෙනවා හිටපු ජනාධිපතිවරුන් හා ඒ අයගේ වැන්දඹුවන් වෙනුවෙන් ගෙවල් වෙන් කරලා ඒවා බලාගන්න.”













