AFC Banner
Empty Ad
Empty Ad

මහරගම සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ වනජීවී නිලධාරියෙක් නෙවෙයි (වීඩියෝ)

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නැමැති ඇතින්නට වෙඩි තැබීම සිදුකර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙක් බව පොලිසිය පවසනවා.

අද (30) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

අදාළ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා වනජීවී නිලධාරීන්ට අනියුක්තව සේවයකරන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ වයස අවුරුදු 43ක සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාපාකඩ වැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වෙඩි තැබීමෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති බවත් ඇතින්නට ජීවිත අනතුරක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම වෙඩිතැබීම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබුණා.

1 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
6
+1
0
+1
4
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PRAHARAYA | හිටපු පා.ම. J.C අලවතුවල සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:33:51
Video thumbnail
මිනිස්සු මාව එපා කියන්නේ නෑ - ෆේස්බුක් බැලුවම ඒක පේනවනේ
04:49
Video thumbnail
සජිත් ජනාධිපති වුණාම බාර් ලයිසන් දෙන්නම් - මෙන්න හෙළිදරව්ව
06:06
Video thumbnail
ඉස්සර කියපු බොරු කතා සහ මල්පාරේ හොරෙන් ගහන ගේම් එළියට
09:02
Video thumbnail
සජිත් කියන්නේ තාත්තා වගේම මිනිහෙක් - සජබේ මන්ත්‍රී කියන කතාව
04:07
Video thumbnail
මාලිමාවට තුනෙන් දෙකක් අරන් දෙන්න හිමිවරු දැන්ම ගේමට බහියි
12:12
Video thumbnail
අනුර ගැන කියපු ඔක්කොම බොරු කියලා ඔප්පු වුණා - මල්වතු මහා නා හිමි කියයි
02:55
Video thumbnail
ජාතික භික්ෂූ පෙරමුණ අස්ගිරියේ ගිහින් අනුර ගැන කරපු වර්ණනාව
07:34
Video thumbnail
සංවේදී කතාවක් කරමින් බන්දුල දේශපාලනයෙන් සමුගයි
02:20
Video thumbnail
ශිෂ්‍යත්ව පේපරේ එළියට පැන්නුවේ මාලිමාවේ ගුරුවරයෙක් ?
01:55

?