මහරගම සීතා ඇතින්නට වෙඩි තබා ඇත්තේ වනජීවී නිලධාරියෙක් නෙවෙයි (වීඩියෝ)

මහියංගනය රජමහා විහාරාස්ථානයේ පෙරහැර සඳහා රැගෙන ගොස් සිටි මහරගම සීතා නැමැති ඇතින්නට වෙඩි තැබීම සිදුකර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙක් බව පොලිසිය පවසනවා.

අද (30) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මේ බව සඳහන් කළා.

අදාළ සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා වනජීවී නිලධාරීන්ට අනියුක්තව සේවයකරන අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි තැබීම සිදුකළ වයස අවුරුදු 43ක සිවිල් ආරක්ෂක බලකා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාපාකඩ වැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන බවයි අනාවරණය වී ඇත්තේ.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වෙඩි තැබීමෙන් ඇතින්නගේ ඉදිරිපස කකුල ආසන්නයට තුවාල සිදුව ඇති බවත් ඇතින්නට ජීවිත අනතුරක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

මෙම වෙඩිතැබීම සිදුකිරීමට යොදාගෙන ඇත්තේ ජීව උණ්ඩ ද නැතහොත් රබර් උණ්ඩ ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත්කර තිබුණා.

1 5


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58