AFC Banner
Empty Ad
Empty Ad

මල් ශාලාවක හිමිකරුවෙකු හර්ස් රථයක් තුළ ඝාතනය කෙරේ

අවමංගල ශාලාවක හිමිකරුවෙකු මිනී පෙට්ටි ප්‍රවාහන මෝටර් රථයක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙම ඛේදනීය පුවත වාර්තා වන්නේ අම්බලන්ගොඩ – බලපිටිය ආවාසවත්ත ප්‍රදේශයෙන්.

ඊයේ (25) රාත්‍රියේ දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තෙල්වත්ත – මලවැන්න ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

අම්බලන්ගොඩ ඩිපෝව මංසන්ධියේ ‘නිව් රේමන්’ නමැති මල්ශාලා හිමිකරු වන ජි.පී. තුසිත කුමාර යන අයයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.

හිසට සිදු වූ බරපතළ කැපුම් තුවාලවලින් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය පැවසුවා.

ඊයේ රත්‍රී 11ට පමණ බලපිටිය ආවාසවත්ත මංසන්ධියේ මිනී පෙට්ටි ප්‍රවාහනය කරන කාර් රථයක් නතර කර ඇති බව දුටු ප්‍රදේශවාසීන් එය සෝදිසි කිරීමේ දී මියගිය රියදුරු තුවාල සහිත ව ඇද වැටී සිටින බව දැක අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඝාතනය කර; රථයේ අසුන මත මල්ශාලා හිමිකරුගේ මෘතදේහය තබා සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

ඝාතනය පිළිබඳ ව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
5
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?