මල් ශාලාවක හිමිකරුවෙකු හර්ස් රථයක් තුළ ඝාතනය කෙරේ

අවමංගල ශාලාවක හිමිකරුවෙකු මිනී පෙට්ටි ප්‍රවාහන මෝටර් රථයක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබෙනවා.

මෙම ඛේදනීය පුවත වාර්තා වන්නේ අම්බලන්ගොඩ – බලපිටිය ආවාසවත්ත ප්‍රදේශයෙන්.

ඊයේ (25) රාත්‍රියේ දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ තෙල්වත්ත – මලවැන්න ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.

අම්බලන්ගොඩ ඩිපෝව මංසන්ධියේ ‘නිව් රේමන්’ නමැති මල්ශාලා හිමිකරු වන ජි.පී. තුසිත කුමාර යන අයයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.

හිසට සිදු වූ බරපතළ කැපුම් තුවාලවලින් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙන බවත් අම්බලන්ගොඩ පොලිසිය පැවසුවා.

ඊයේ රත්‍රී 11ට පමණ බලපිටිය ආවාසවත්ත මංසන්ධියේ මිනී පෙට්ටි ප්‍රවාහනය කරන කාර් රථයක් නතර කර ඇති බව දුටු ප්‍රදේශවාසීන් එය සෝදිසි කිරීමේ දී මියගිය රියදුරු තුවාල සහිත ව ඇද වැටී සිටින බව දැක අම්බලන්ගොඩ පොලිසිය දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා ඝාතනය කර; රථයේ අසුන මත මල්ශාලා හිමිකරුගේ මෘතදේහය තබා සැකකරුවන් පලා ගොස් තිබෙනවා.

ඝාතනය පිළිබඳ ව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46