මම වැඩියෙන්ම කැමති කුසල් මෙන්ඩිස්ට

ගීතය හරහා රසික පිරිස් හදුනාගත් යොවුන් ගායිකා මධුනිකා නශාලි අප මෙවර සාරවිට තරු කතාබහකට එකතු කර ගත්තේය.  ක්‍රිකට් ක්‍රීඩාවට ඉමහත් ප්‍රියතාවයක් දක්වන මධුනිකාගෙන් අප ක්‍රිකට් ක්‍රීඩාවට අදාල ප්‍රශ්ණ කිහිපයක් මෙසේ ඇයට යොමු කළා.

ක්‍රිකට්වලට තියෙන කැමැත්ත මොන වගේද?

ඉස්සර නම් මගේ ලොකු ආසාවක් තිබුණේ නැහැ. නමුත්, මීට වසර කිහිපයකදී ඉඳලා මම ක්‍රිකට් ක්‍රීඩාවට මාරම විදිහට ආස කරන පටන් ගත්තා. දැන් නම් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරන එක් තරගයක්වත් අත් නොහැර මම බලනවා. ඒ තරමට මම අද ලෙකු ක්‍රිකට් ෆැන් කෙනෙක් වෙලා ඉවරයි.

ක්‍රිකට්වලට විතරද මධුනිකා කැමති?

එහෙම නැහැ. හැම ක්‍රීඩාවකටම මම කැමතියි ක්‍රිකට් ක්‍රීඩාවට ඒ අතරින් ගොඩක් කැමතියි කිව්වොත් හරි. ක්‍රිකට් ක්‍රීඩාව හැරුණු කොට ෆුට්බෝල්, වොලිබෝල්, චෙස් වගේ ක්‍රීඩාවලටත් මම කැමතියි. ඒවාත් මම නරඹනවා.

කැමතිම ක්‍රිකට් ක්‍රීඩකයා කවුද?

ලංකාවේ දැන් ඉන්න අයගෙන් නම් මම චාමික කරුණාරත්න, පැතුම් නිශ්ශංක වගේ අයට කැමතියි. පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් නම් ලසිත් මාලිංග, කුමාර් සංගක්කාර දෙන්නට කැමතියි. විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් නම් ඔස්ට්‍රේලියාවේ ස්ට්ව් ස්මිත්, නවසීලන්තයේ කේන් විලියම්සන් දෙන්නාට ගොඩක් කැමතියි.

දැනට ඔබ නරඹපු හොඳම ක්‍රිකට් තරගය මතකද?

2012 වසරේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අවසන් පූර්ව තරගය. ඒ තරගය මගේ මතකයේ හැටියට සුපර් ඕවරයක් දක්වා ක්‍රියාත්මක වුණා. අවසානේ දින්නේ අපි.

ක්‍රිකට් ක්‍රීඩකයෝ පෞද්ගලිකව මුණ ගැහිලා තියෙනවද?

නැහැ පෞද්ගලිකවම මුණ ගැහිලා  නම් නැහැ. හැබැයි තරග කිහිපයක් නරඹන්න ගිය අවස්ථාවේදි ඔවුන්ව සජිවිව දැකගන්න මට අවස්ථාව ලැබුණා.

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙන් ආදර යෝජනාවක් ආවොත්, භාරගන්නවාද?

ආදරයයි ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන කැමැත්තයි දෙකක් නේ. ඒ හින්දා ඒ ප්‍රශ්නයට මම උත්තරයක් නොදි ඉන්නම්.

කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, භානුක රාජපක්ෂ අතරින් කඩවසම් කෙනා කවුද?

තුන් දෙනාගෙන් මම වැඩිපුර කැමති කුසල් මෙන්ඩිස්ට.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.02.24
01:23:26
Video thumbnail
බාල ගල් අඟුරුද නැව්වල තිබුණේ..?කැබිනට් ඇමති සියල්ල හෙළිකරයි..ගල් අඟුරු ගෙනාවේ අද ඊයේ නෙවෙයි
15:40
Video thumbnail
බලශක්ති ඇමතිතුමාව අස්කරනවා ද..?
08:31
Video thumbnail
ප්‍රභාගේ ගේ හදන්න සල්ලි දෙනවා, මේ මිනිස්සුන්ට වතුර දෙන්නේ නෑ
05:07
Video thumbnail
මෝටර් ග්‍රේඩර් 75ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
01:33
Video thumbnail
යකා අවුස්සගන්නේ නැතුව තමුසේ එළියට යනවකෝ
01:57
Video thumbnail
"බැහැපන් හු## එළියට..උඹ මොකක්ද කිව්වේ"ටවුම මැද චණ්ඩිපාට් දැම්ම අයියලා පොලිසිය කුදලන් ගිය හැටි
03:47
Video thumbnail
ජාතියේ ක#මෙට පහළ වෙච්ච ඇමතියෙක්..රජය මහ මෝල් හිමියන් එක්ක ලොකු ඩීල් එකක්..ගොවීන් කුපිත වෙයි
05:53
Video thumbnail
සජිත් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි - බෙදීමෙන් රජ වෙන්න හදන්නේ
13:16
Video thumbnail
කුමාරයාගේ කුමාර රැගිලි ජනතාවට බලාගන්න පුළුවන්..විදුලි බිල ගැන ප්‍රබල හෙළිදරව්වක් මෙන්න
09:50


?