බොහෝ රහස් හෙළි කරමින් පළමු වරට ඊජිප්තු පර්යේෂකයන් පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය “ඩිජිටල් ආකාරයෙන් දිගහැර” ඇති බව කීර්තිමත් ඊජිප්තු විද්‍යාඥයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
මෙම මමිය පළමු වැනි අමෙන්හොටෙප් රජු, හික්සෝස් යටත් කර ගත් සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ නව රාජධානියේ නිර්මාතෘ වූ පළමු වැනි අහ්මෝස් රජුගේ පුත්‍රයාය.
පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇති බව පුරාවස්තු කටයුතු පිළිබඳ ඊජිප්තු රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.
කයිරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විකිරණවේදය පිළිබඳ මහාචාර්ය සහර් සලීම් සහ පුරාවස්තු විකිරණ විද්‍යාව පිළිබඳ විශේෂඥයන් ඇතුළත් පර්යේෂක කණ්ඩායම ප්‍රථම වරට පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මුහුණ, ඔහුගේ වයස, සෞඛ්‍ය තත්ත්වය මෙන්ම, මෙම මමියගේ අද්විතීය මමීකරණය සහ නැවත භූමදානය පිළිබඳ රහස් රැසක් හෙළි කළ බවයි.
අමාත්‍යවරයා පැවසුවේ. ඩිජිටල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ පළමු වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ ඔහුගේ පියා වන පළමු වැනි අහ්මෝස්ගේ ස්වරූපයට සමාන බවයි.
රජු වයස අවුරුදු 35 දී මිය යන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව විශ්වාස කෙරේ. මන්දයත් ඔහුගේ මරණයට හේතුව පෙන්නුම් කරන කිසිදු රෝගයක් හෝ තුවාලයක් මමියට නොපෙන්වන බැවිනි.
ටූටන්කාමන් සහ දෙවැනි රැම්සෙස් වැනි නූතන රාජධානිවල බොහෝ පාලකයන් ගේ මොළය ඉවත් කර එම්බාම් කිරීමේ ද්‍රව්‍ය සහ දුම්මල හිස් කබල තුළ තැන්පත් කළාක් මෙන් නොව, පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මොළය මමිකරණය කිරීමේ ක්‍රියාවලියේදී ඉවත් නොකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
පළමු වැනි අමෙන්හොටෙප්ගේ මමිය 1881 දී ලක්සෝර් හි ඩීර්-එල් බහ්රි හි රාජකීය ගබඩාවේ තිබී සොයා ගන්නා ලදී.
මන්දයත් 21 වැනි රාජවංශයේ පූජකයන් විසින් සොහොන් සොරකම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙර සිටි බොහෝ රජවරුන් සහ බිසෝවරුන්ගේ මමී නැවත තැන්පත් කර සඟවා තැබූහ.
epa09017825 An undated handout photo made available by Egyptian Ministry of Antiquities shows Zahi Hawass (L), the former Egyptian Minister of Antiquities next to the the mummy of ancient Egyptian King Seqenenre-Taa-II (issued 17 February 2021). Egyptian Ministry of Antiquities said a new study using computerized tomography (CT) scan image for the mummy of ancient Egyptian King Seqenenre-Taa-II showed he had suffered several severe head injuries that were hidden by embalmers and suggests he was killed in his 40s in the 16th century BC while fighting Egypt’s invaders from the Hyksos. EPA/MINISTRY OF ANTIQUITIES HANDOUT BEST QUALITY AVAILABLE HANDOUT EDITORIAL USE ONLY/NO SALES








