මමියක් වසර 3500ක් පැරණි රහස් හෙළි වෙයි

බොහෝ රහස් හෙළි කරමින් පළමු වරට ඊජිප්තු පර්යේෂකයන් පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය “ඩිජිටල් ආකාරයෙන් දිගහැර” ඇති බව කීර්තිමත් ඊජිප්තු විද්‍යාඥයෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මෙම මමිය පළමු වැනි අමෙන්හොටෙප් රජු, හික්සෝස් යටත් කර ගත් සහ පැරණි ඊජිප්තු ශිෂ්ටාචාරයේ නව රාජධානියේ නිර්මාතෘ වූ පළමු වැනි අහ්මෝස් රජුගේ පුත්‍රයාය.

පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මමිය මත ඇති එතුම් ඩිජිටල් ආකාරයෙන් ඉවත් කිරීමට පර්යේෂකයන් විසින් උසස් එක්ස් කිරණ තාක්ෂණයක්, පරිගණකගත ටොමොග්‍රැෆි (CT) සහ උසස් පරිගණක මෘදුකාංග වැඩසටහන් භාවිත කර ඇති බව පුරාවස්තු කටයුතු පිළිබඳ ඊජිප්තු රාජ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත. 

 කයිරෝ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විකිරණවේදය පිළිබඳ මහාචාර්ය සහර් සලීම් සහ පුරාවස්තු විකිරණ විද්‍යාව පිළිබඳ විශේෂඥයන් ඇතුළත් පර්යේෂක කණ්ඩායම ප්‍රථම වරට පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මුහුණ, ඔහුගේ වයස, සෞඛ්‍ය තත්ත්වය මෙන්ම, මෙම මමියගේ අද්විතීය මමීකරණය සහ නැවත භූමදානය පිළිබඳ රහස් රැසක් හෙළි කළ බවයි.

අමාත්‍යවරයා පැවසුවේ. ඩිජිටල් විශ්ලේෂණයෙන් පෙන්නුම් කළේ පළමු වැනි අමෙන්හොටෙප්ගේ මුහුණ ඔහුගේ පියා වන පළමු වැනි අහ්මෝස්ගේ ස්වරූපයට සමාන බවයි.

රජු වයස අවුරුදු 35 දී මිය යන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව විශ්වාස කෙරේ. මන්දයත් ඔහුගේ මරණයට හේතුව පෙන්නුම් කරන කිසිදු රෝගයක් හෝ තුවාලයක් මමියට නොපෙන්වන බැවිනි.

ටූටන්කාමන් සහ දෙවැනි රැම්සෙස් වැනි නූතන රාජධානිවල බොහෝ පාලකයන් ගේ මොළය ඉවත් කර එම්බාම් කිරීමේ ද්‍රව්‍ය සහ දුම්මල හිස් කබල තුළ තැන්පත් කළාක් මෙන් නොව, පළමු වැනි අමෙන්හොටෙප් රජුගේ මොළය මමිකරණය කිරීමේ ක්‍රියාවලියේදී ඉවත් නොකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

පළමු වැනි අමෙන්හොටෙප්ගේ මමිය 1881 දී ලක්සෝර් හි ඩීර්-එල් බහ්රි හි රාජකීය ගබඩාවේ තිබී සොයා ගන්නා ලදී.

මන්දයත් 21 වැනි රාජවංශයේ පූජකයන් විසින් සොහොන් සොරකම්වලින් ආරක්ෂා කර ගැනීම සඳහා පෙර සිටි බොහෝ රජවරුන් සහ බිසෝවරුන්ගේ මමී නැවත තැන්පත් කර සඟවා තැබූහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44