මනම්පිටියේ දී දුම්රියක ගැටී වන අලියෙක්ට බරපතළයි

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මනම්පිටිය ප්‍රදේශයේ දී අද (03) උදෑසන වන අලියෙක් ගැටී තිබෙනවා.

මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කළේ දුම්රියේ ගැටුණු අලියාගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

සෝමාවතිය වනෝද්‍යානයේ සිට ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට යාමට දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටි වන අලියෙක් මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 25ක් පමණ වයසැති පිරිමි සතෙක් බවයි මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ.

වන අලියා දුම්රියට ගැටීමෙන් පසු මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර, අනතුරෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට කීපයකට හානි සිදුව තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වන එම සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?