මනම්පිටියේ දී දුම්රියක ගැටී වන අලියෙක්ට බරපතළයි

මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියට මනම්පිටිය ප්‍රදේශයේ දී අද (03) උදෑසන වන අලියෙක් ගැටී තිබෙනවා.

මනම්පිටිය වනජීවී කාර්යාලය සඳහන් කළේ දුම්රියේ ගැටුණු අලියාගේ තත්ත්වය අසාධ්‍ය බවයි.

සෝමාවතිය වනෝද්‍යානයේ සිට ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයට යාමට දුම්රිය මාර්ගය හරහා මාරුවෙමින් සිටි වන අලියෙක් මෙලෙස දුම්රියේ ගැටී තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අවුරුදු 25ක් පමණ වයසැති පිරිමි සතෙක් බවයි මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කළේ.

වන අලියා දුම්රියට ගැටීමෙන් පසු මීටර් 20ක් පමණ ඉදිරියට ඇදී ගොස් ඇති අතර, අනතුරෙන් දුම්රිය මාර්ගයේ සිල්පර කොට කීපයකට හානි සිදුව තිබෙනවා.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වන එම සත්වයාට ප්‍රතිකාර කිරීම සඳහා ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරයා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණීමට නියමිත බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18