AFC Banner
AFC Banner
Empty Ad

මධ්‍යම රාත්‍රී ගැසට් නිසා සුපිරි ලාභ ලබන සමාගම්වලින් බදු අය කරන නියෝගයක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින්, නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලාභ ලබා ගැනීම සඳහා ‘මධ්‍යම රාත්‍රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙසට දැනුම් දී තිබෙනවා.

මේ අනුව, මෙම බදු අයකර ගැනීමට යාන්ත්‍රණයක් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම හෝ එසේ කිරීමට නොහැකි නම් ඊට සවිස්තරාත්මක හේතු සාධක දැක්වීම, අනාගතයේදී එවැනි සිදුවීම් වැළැක්වීම සඳහා ප්‍රතිකර්ම යෝජනා කිරීම ද කමිටුව විසින් නිලධාරීන්ට පවරනු ලැබුවා.

පවතින තත්ත්වය බරපතළ බව පැහැදිලි වූයේ පසුගිය මාස තුනේ සීනි ආනයනයට අදාළ අත්‍යවශ්‍ය දත්ත රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් රේගු දෙපාර්තමේන්තුවෙන් ලබා ගැනීමත් සමඟයි. කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම බදු වැඩිකිරීමේ සැක සහිත කාලය සහ බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඇතැම් සමාගම් විසින් සීනි ආනයනය ඉහළ යාම පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.

ඊට ප්‍රතිචාර වශයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ බදු වැඩි කිරීම IMF මුලපිරීමකට සම්බන්ධ මූල්‍ය පදනම් කරගත් ආදායම් ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ කොටසක් බවයි. තවද, සීනි ආනයනය හදිසියේ වැඩිවීම උත්සව කාල වකවානු හේතුවෙන් සිදුවන බව ඔවුන් අවධාරණය කළා. මෙම ප්‍රකාශයන් තහවුරු කිරීම සඳහා පෙර වසරවල විස්තීර්ණ සංසන්දනාත්මක විශ්ලේෂණයක් ලබා දෙන ලෙසටයි කමිටුව පැමිණ සිටි නිලධාරින්ට අවධාරණය කළේ.

එවැනි දැවැන්ත ආනයනවල අවශ්‍යතාවය සනාථ කරන නිශ්චිත සාක්ෂි නොමැතිව අසාමාන්‍ය ලෙස විශාල සීනි ප්‍රමාණයක් ආනයනය කරන විශේෂිත සමාගම් පිළිබඳව කමිටුව අනතුරු අඟවනු ලැබුවා. සාමාන්‍යයෙන් මාසිකව සීනි මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කරන සමාගමක් බදු වැඩි කිරීමට මොහොතකට පෙර ඔක්තෝම්බර් මාසයේදී මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කළේ, බද්ද ශත 25 සිට රුපියල් 50 දක්වා 200 ගුණයකින් ඉහළ යාමත් සමඟ සැලකිය යුතු ලාභයක් ලබා ගනිමින්.

විශේෂ වෙළඳ භාණ්ඩ බද්දට අදාළ ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ භාවිතය අවසන් කිරීමේ වැදගත්කම සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කළා. මෙලෙස කටයුතු කිරීමට හැකිවීම තුළ බදු අනුපාත වෙනස් කිරීමට හෝ විශේෂිත සමාගම් සඳහා බදු නිදහස් කිරීම් ලබා දීමට මුදල් අමාත්‍යවරයාට පරීක්ෂා නොහැකි බලයක් ලබා දෙනවා බව ද ඔහු පෙන්වා දුන්නා. මෙම දුෂණය තත්ත්වයන් තව තවත් වර්ධනයවීම හේතුවෙන් මෙම ‘මධ්‍යම රාත්‍රී ගැසට්’ ඉවත් කරන ලෙසට ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිමින් IMF විසින් ඔවුන්ගේ විමර්ශන වාර්තාවල ද කරුණු දක්වා ඇති බවයි කමිටුව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?