මදුරෝව ඇමරිකාවට රැගෙන යාමේ සූදානමක් – වෙනිසියුලාව ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලයි

ඇමරිකා එක්සත් ජනපදය රටට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් වෙනිසියුලාව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් ඉල්ලා ඇති බව විදේශ අමාත්‍ය ඉවාන් ගිල් පින්ටෝ පවසනවා.

“ජයග්‍රාහී ලෙස මතුවන ජනතාවගේ ශක්තියට එරෙහි කිසිඳු බියගුලු ප්‍රහාරයක් ජය නොගනු ඇති” බවයි වෙනිසියුලානු විදේශ අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ.

මේ අතර නිකොලස් මදුරෝ අල්ලා ගැනීමෙන් පසු වෙනිසියුලාවට එරෙහිව තවදුරටත් ක්‍රියාමාර්ගයක් නොගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අපේක්ෂා කරන බව රිපබ්ලිකන් සෙනෙට් සභිකයෙක් පවසනවා.

එමෙන්ම ඇමරිකානු හමුදාව විසින් භාරයට ගත් නිකොලස් මදුරෝව ඇමරිකාවට රැගෙන යාමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

එහිදී ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකරනු ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් රුබියෝ පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
6
+1
5
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?