මතුගම ප්‍රාදේශීය සභාවේ 04ක් සජිත් සමඟ එක්වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහ සමගි ජන බලවේගයට සහාය පළ කිරීමේ අරමුණින්, මතුගම ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් පිරිසක් සමගි ජන බලවේගය සමඟ එක්ව තිබෙනවා.

ඒ, අද (25) කොළඹදී සමගි ජන බලවෙිගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවීමෙන් අනතුරුවයි.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, නාරවිල සමිතවංශ හිමි, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා සහ චමිලානි රුවන්දිකා යන අය මෙලෙස සමගි ජන බලවේගය සමඟ එක්ව ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
10
+1
1
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?