මත් ජාවාරමේ නිරත වූ විදෙස් ජාතිකයෙකුට මීගමුව අධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ශ්‍රී ලංකාවේ රැදී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ඉතාලි ජාතිකයෙකුට මීගමුව මහාධිකරණය විසින් අද (05) බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමකර තිබෙනවා.

වරද පිළිගැනීමෙන් පසු මෙලෙස දඬුවම් නියම කෙරුනේ 40 හැවිරිදි වියේ පසුවන ‘වත්තීයා ජිබට්’ නැමැති විත්තිකරුට එරෙහිවයි.

බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ජයන්ත දහන ඇතුළු නිලධාරී කණඩායමක් විසින් මෙම විදෙස් ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේ පෙබරවාරි මස 07 වන දිනයි.

කඳාන ප්‍රදේශයේ දී මොහු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එහිදී ඔහු සන්තකයේ තිබී කොකේන් ග්‍රෑම් අනුව 90ක් සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?